සංචරණ නියෝජිතයන් සඳහා ආසන වෙන්කිරීම් ප්‍රතිපත්තිය


සංචරණ නියෝජිතයන් සඳහා ආසන වෙන්කිරීම් ප්‍රතිපත්තිය


හිතවත් සංචරණ හවුල්කරු වෙත,
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් තම නිෂ්පාදිතයන් සහ සේවාවන් සංචරණ නියෝජිතයන් වෙත ලබාදීමේදී ඇතිවන පිරිවැය අඩු කරගැනීමටත්, ඵලදායීතාවයෙන් තොර පිරිවැය අවම කරගැනීම සඳහාත් තම ආසන වෙන්කිරීමේ ප්‍රතිපත්තිය සඳහා විධිමත් ක්‍රමවේදයක් ගෝලීයව ක්‍රියාත්මක කර ඇත.මෙය GDS/CRS ආසන වෙන්කිරීමේ ප්‍රතිපත්තිය ලෙස හැඳින්වෙයි. කර්මාන්තයේ ‍යෙදී සිටින හවුල්කරුවන්ගේ ප්‍රතිපත්තීන්ට අනුගත වන මෙම ප්‍රතිපත්තිය මගින් අවිධිමත් ආසන වෙන්කිරීම් පරිචයන් මගින් ඇතිවන අධික පිරිවැය වියදම සීමා කිරීමට අදහස් කරඇත.

ආසන වෙන්කිරීම් සහ ගුවන් ප්‍රවේශ පත් නිකුත්කිරීම් සඳහා යොදාගන්නා ක්‍රමවේදයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් දැරීමට සිදුවන අනවශ්‍ය පිරිවැය සහ අලෙවි කිරීම සඳහා ඇති ආසනයන් නිසි අයුරින් භාවිතයට ගැනීමට නොහැකිවීම හඳුන්වන්නේ අවිධිමත් අයුරින් GDS ප්‍රතිපත්තිය අවභාවිතා කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් ලෙසය.මෙහි ප්‍රතිඵලයක් ලෙසින් දැරීමට සිදුවන අමතර GDS ගාස්තු ,ගුවන් සේවයේ සමස්ත සේවා ලබාදීම්වලට වැයවන පිරිවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ගනු ඇත.එබැවින් මෙම ප්‍රතිපත්තිය හා අනුගත නොවන ආසන වෙන්කිරීම් අවභාවිතයන් සහ පරිචයන් හඳුනාගැනීම සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සියලුම ආසන වෙන්කිරීම් ගනුදෙනු නියාමනය කරනු ඇත.

අන්තර්ජාලය හෝ වෙනත් ඕනෑම ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් ඔස්සේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ආසන වෙන්කිරීම් පද්ධතියට පිවිසෙන සංචරණ නියෝජිතයින් ( IATA & Non-IATA; දේශීය සහ ජාත්‍යන්තර) හෝ ඕනෑම ‍පුද්ගලයෙක් හෝ ආයතනයන්ද ඇතුළත් වන සියලුම ආකාරයේ GDS/CRS ග්‍රාහකයන්ට මෙම ප්‍රතිපත්තිය අදාළ වෙයි. තම කාර්යාලයන්හි සිටින සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් ,නියෝජිතයන් සහ කොන්ත්‍රාත්කරුවන් මෙම ප්‍රතිපත්තියට සහ අනුරූප චක්‍රලේඛයක් මගින් සන්නිවේදනය කරන යාවත්කාලීන කිරීම් වලට හුරුපුරුදු කිරීමේ වගකීම GDS/CRS ග්‍රාහකයන් සතුවනු ඇත.

මෙම ප්‍රතිපත්තියේ ඇති නිර්දේශනයන්ට අනුකූල වීම සඳහා සියලු උත්සාහයන් ගන්නා ලෙස සියලුම GDS/CRS ග්‍රාහකයන්ගෙන් අපි මෙයින් ඉල්ලා සිටිමු.
ඔබ එවන් උත්සාහයන් ගැනීම නිසා ඔබට පැන නැගෙන සුවිසෙස් ප්‍රශ්නයන්ට සහ අදාළවන්නාවූ වෙනත් කරුණු සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි අලෙවි තාක්ෂණ සහ විකිණුම් ක්‍රමෝපායන් කළමනාකරණ (Channel Management) කණ්ඩායම ඔබට සහය දීම සඳහා නිරතුරුව සැදී පැහැදී සිටියි.
මෙම ප්‍රතිපත්තියේ ඇති නියමයන් සහ කොන්දේසි සහ ඒවා ආශ්‍රිත පරිචයන් සහ කාර්ය පටිපාටින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් අනුරූප චක්‍රලේඛයක් ඔස්සේ ඕනෑම අවස්ථාවකදී කෙරෙන ආසන්නතම දැනුම්දීමක් මගින් කෙරෙන වෙනස් කිරීමකට යටත් වනු ඇත.

A. ප්‍රතිපත්තිය:

  • අක්‍රිය ආසන වෙන්කිරීම්
    1.1 කාලසටහනේ වෙනසක් ,ගුවන් ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමේ නිර්දේශිත කාල‍ය අවසන් වීම ,ගුවන් ගමන අවලංගු වීම සහ වෙනත් ඕනෑම අවස්ථාවකදී ආසන වෙන්කිරීමකට වෙනසක් සිදුවු විට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් එම ආසනය වෙන්කර ඇති නියෝජිතයාගේ GDS පෙළගැස්මට (queue) නිවේදනයක් යවනු ලබයි.මෙම නිවේදනය මගින් ඇතිකරන ලද වෙනස සන්නිවේදනය කරන අතර, ආසන වෙන්කිරීම කළ නියෝජිතයාට මගියාගේ ආසන වෙන්කිරිම් වාර්තාවේ ((PNR) සිදුකළ එම වෙනස පිළිගනිමින් එහි ඇති අක්‍රීය තත්වයට පත් ආසන වෙන්කිරීම් ඉවත් කිරීමට නිර්දේශ කරනු ඇත.

    1.2

    අක්‍රීය ආසන වෙන්කිරීම් කොටස් නිසා ගුවන් ගමන් විස්තර සටහනේ චාරිකා කොටස්වල තත්ව කේතයන්ට (segment status) ඇතිවන වෙනස්කම් ගුවන් ගමන පිටත්වීමට පැය 24 ට පෙර ඉවත්කිරීමට ක්‍රියාකළ යුතුය.මෙයට UN, NO, HX, WK, WL, or WN වැනි කේතයන් ඇති ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමක් කළ හෝ නොකළ චාරිකාවන් ඇතුළත්ය.එමෙන්ම කරුණාකර ඔබගේ ආසන වෙන්කිරීම වාර්තාවල සඳහන් UC, US සහ DS වැනි තත්ව කේතයන් ඇති සියලුම අනවශ්‍ය චාරිකාවන් අවලංගු කිරීම හෝ ඒ සඳහා අවැසි සුදුසු ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
  • අක්‍රීය තත්වයට පත් ආසන වෙන්කිරීම්
    2.1 සංචරණ සේවා සපයන්නන් ආසන ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛණ ගත කිරීම් වැඩි වාර ගණනක් සිදු නොකළ යුතු වන්නේ එමගින් ආසන වෙන්කරගැනීම සඳහා ඇතිවන අවස්ථාවන් වැඩි නොවන බැවිනි.එහි ප්‍රතිඵලයක් ලෙසින් පොරොත්තු ලේඛණයට වැඩි වැඩියෙන් ලේඛණයන් එක්වන අතර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සඳහා GDS ගාස්තුද වැඩිවනු ඇත.

    2.2

    සංචරණ සේවා සපයන්නන් විසින් ගුවන් ගමන පිටත්වීමට පැය 24 ට පෙර ගුවන් මගියාගේ සක්‍රීය ආසන වෙන්කිරීම් වාර්තාවෙන් එහි ඇති සියලුම පොරොත්තු ලේඛණයන් ඉවත් කිරීම සහතික කළ යුතුය.
  • ආසන වෙන්කිරීම් ව්‍යාකූල කිරීම
    3.1 ආසන වෙන්කිරීම් මෙන්ම ඒවා අවලංගු කිරීම් වැඩිතර ප්‍රමාණයක් සහ වැඩි වාර ගණනක් නිරතුරුව සිදු කරන්නේ

     

    a. ගාස්තු රීතින්ගේ නිර්දේශිත කාලය අවසන් වීම මඟහැරීම සහ

    b.

    CRS ඵළදායිතා ඉලක්කයන් සපුරා ගැනීම සඳහාය.

    ඉහත 3.1. අ සහ 3.1. ආ හි සඳහන් පරිචයන් සපුරා තහනම් කර ඇති අතර එවන් ක්‍රියාවන් හඳුනාගත්විටදී එක් චාරිකා කොටසකට අය කරන පදනම මත ඉන්වොයිස් කරනු ලබන අතර ඉහළ ඉන්වොයිස් වටිනාකම් දැරීමේ සම්භාව්‍යතාවය වැඩිවනු ඇත.

  • එකම ගුවන් මගියා සඳහා ආසන වෙන්කිරීම් කිහිපයක්/එක් ආසන වෙන්කිරීමක චාරිකා කොටස් /විකල්ප චාරිකා කොටස් එක් කිරීම
    4.1 සක්‍රීය සහ අක්‍රීය ආසන වෙන්කිරීම් කිහිපයක් සිදුකිරීම තහනම්ය. ගුවන් මගියෙක්ට තර්කානුකූලව බැලූවිට පියාසර කළ නොහැකි ආසනයන් කිහිපයක් එකවිට ඒකාබද්ධ කිරිමද මෙයට ඇතුළත්ය.

    4.2

    එකම ගුවන් මගියෙක් සඳහා එවන් ආසන වෙන්කිරීම් සිදු නොකළ යුතු අතර නව ආසන වෙන්කිරීමක් සිදුකරන විට සීමාව අමතර චාරිකා කොටස්/ආසන වෙන්කිරීම් ඉවත් කිරීමට කටයුතු සලසන්න.
  • කල්පිත/අනුමාන ආසන වෙන්කිරීම් සහ ප්‍රවේශ පත්‍ර අංකයන්
    5.1 ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ආසනයන් වෙන්කරගැනීම සඳහා ගුවන් මගියෙක් පැමිණෙන තුරු හෝ ගුවන් ප්‍රවේශ පත්‍රයක් නිකුත්කිරීමේ අවස්ථාව එනතුරු එම ආසනය රඳවා තබාගැනීම මගින් ගුවන් සේවයේ ආසනවල ගාස්තු ඉහළ යෑමට තුඩුදෙන අතර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නිෂ්පාදිතය ලබාගැනීමට ඇති පහසුකම අඩුවෙනු ඇත.ගුවන් මගියෙක් පැමිණ ඉල්ලීමක් කරන තුරු හෝ ගුවන් ප්‍රවේශ පතක් මිලදී ගැනීමේ අභිප්‍රායක් ඇතිවිටදී පමණක් GDS භාවිතා කිරීම සඳහා ඔබේ සහයෝගය අපේක්ෂා කෙරෙයි.

    5.2

    ගමන් විස්තරයට අදාළව සක්‍රීය හෝ අක්‍රීය ආසන වෙන්කිරීම් හෝ ඒවායේ සංකලනයන් මගින් GDS ඵලදායිතා ගිවිසුම්වල සඳහන් අවශ්‍යතාවයන් සපුරා ලීමට කටයුතු කිරීම කර්මාන්තයේ සම්මත ක්‍රියාපටිපාටින් උල්ලංඝණය කිරීමකි.GDS දිරිගැන්වීම් දීමනා ලබාගැනීමේ අවශ්‍යතාවයන් සපුරාලීමක් ලෙස එක් GDS පද්ධතියක ආසන වෙන්කිරීමක ඇති ගුවන් ප්‍රවේශපත් අංකයක් වෙනත් GDS පද්ධතියක ඇති ආසන වෙන්කිරීමකට ඇතුලත් කිරීමද වෙයි.

    5.3

    ආසන වෙන්කිරීමක් සඳහා ව්‍යාජ ගුවන් ප්‍රවේශ පත් අංකයක් ඇතුළත් කිරීම මගින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නිෂ්පාදිතයේ වෙන්කිරීමට ඉතිරිව ඇති ආසන ගණන අඩු කෙරෙනු ඇත.ව්‍යාජ ලෙසින් හෝ ගුවන් මගියා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගනු ඇතැයි අනුමාන කරමින් එලෙස වෙන්කර ඇති ආසන ඉවත්කරගැනීමෙන් ඔබගේ පාරිභෝගිකයාට තමන්ගේ ප්‍රියතම මැදිරියක සේවා ලබාගැනීම සඳහා ආසන නිදහස් වන අතර එමගින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් දැරිය යුතු GDS පිරිවැයද අඩුවනු ඇත.ව්‍යාජ නම්වලින් ආසන වෙන්කිරීම් මෙන්ම ව්‍යාජ ගුවන් ප්‍රවේශ පත් සහිත අංකයන් ඇතුළත් කිරීමෙන් වළකින්න.ව්‍යාජ නම් මෙන්ම ගුවන් ප්‍රවේශ පත් අංකයන්ද යොදා වෙන්කර ඇති ආසනයන් සුවරුම් (screen) කෙරෙනු ඇත.එවන් ආසන වෙන්කිරීමක් හඳුනාගැනීමෙන් පසු ස්වයංක්‍රීය අවලංගු කිරීමකට සහ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම නිසා ඇතිවන ප්‍රතිවිපාකයන් යටතේ ලැයිස්තු ගත ගාස්තු ක්‍රම‍වේදයට අනුව ගාස්තුවකටද යටත් වනු ඇත.
  • පුද්ගල ආසන වෙන්කිරීම් මගින් සමූහ ආසන වෙන්කිරීම් පටිපාටිය උල්ලංඝණය කිරීම
    6.1 සමූහයක සිටින එක් එක් පුද්ගලයෙක් සඳහා වෙනම ආසන වෙන්කිරීම, පිළිගත් සමූහ ආසන වෙන්කිරීම් පටිපාටියට පටහැනිව සිදුකරන්නක් වන බැවින් එවැනි ආසන වෙන්කිරීම් පෙර දැනුම්දීමකින් තොරව වහාම අවලංගු කිරීමකට යටත් කෙරෙනු ඇත.
  • අකර්මණ්‍ය ආසන වෙන්කිරීම්
    7.1 ගුවන් ප්‍රවේශ පත් නිකුත් කිරීම සඳහා පිළිගත හැකි අකර්මණ්‍ය ආසන වෙන්කිරීමක් යොදාගත හැකිය.එය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් අභ්‍යන්තර ආසන වෙන්කිරීම් පද්ධතියේ ඇති ආසන වෙන්කිරීමට සීහුම්(ගැලපෙන) විය යුතුය.සීහුම් නොවන (නොගැලෙපෙන) අකර්මණ්‍ය ආසන වෙන්කිරීමක් භාවිතා කරමින් ගුවන් ප්‍රවේශ පත් නිකුත් කිරීම හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම සඳහා "IS" කේත සහිත ගනුදෙනු කිරීම සපුරා තහනම් කර ඇත.

    7.2

    කර්මාන්තයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව ‘ගුවන් ප්‍රවේශ පත් නිකුත් කිරීමේ’අරමුණ සඳහා අකර්මණ්‍ය ආසන වෙන්කිරීමක් කළ හැක්කේ ගුවන් සේවයේ අභ්‍යන්තර ආසන වෙන්කිරීම් පද්ධතියේ වෙන්කිරීමක් සිදුකිරීමෙන් පසුව වන අතර
    a. GDS ඵලදායිතා අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීමට

    b.

    ගාස්තු රීතින් මඟහැරීමට

    c.

    පරිපාලන කාර්යයන් සම්පූර්ණ කිරීම
    ඇතුළත්වන සහ ඒවාට පමණක් සීමා නොවන වෙනත් හේතූන් මත අකර්මණ්‍ය ආසන වෙන්කිරීම් භාවිතා කිරීම ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් අනුමත නොකරයි.

    7.3

    ගිණුම් හෝ පරිපාලන කටයුතු හෝ චාරිකාවන් සඳහා ඉන්වොයිසියන් ඉදිරිපත්කිරීමේදී GDS ග්‍රාහකයන් විසින් ඒ සඳහා උපකාරක චාරිකා කොටස් හෝ අය කළ නොහැකි චාරිකා කොටස් තත්ව කේතයන් (status codes ) භාවිතා කළ යුතුය.මෙම අරමුණ සඳහා GDS/CRS භාවිතයට ගැනීම සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කිසිදු ආකාරයකින් සහය ලබා නොදෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් චාරිකා කොටස්වලට ගෙවීමක් කිරීමට ගුවන් සේවයට සිදුවෙයි නම් එය ග්‍රාහකයාගෙන් අයකරගැනීමට ඉන්වොයිස් කිරීමේ අයිතියද වැඩිදුරටත් ගුවන් සේවය සතුවනු ඇත.
  • ඈඳුණු ( බන්ධිත) චාරිකා කොටස්
    8.1 සංචරණ නියෝජිතයන් කිසිවි‍‍ටකත් ඈඳුණු චාරිකා කොටස් කැඩීමක් සිදු නොකළ යුතුය. ආසන ලබාගත නොහැකි පන්තිවල ආසන ලබාගැනීමේ හුදු අභිප්‍රාය උදෙසාම ඈඳුණු චාරිකා කොටස් කැඩීමක් කරන සංචරණ නියෝජිතයන්ට හැර පතක් (ADM) මගින් ගාස්තුවක් ගෙවීමට නියම කෙරෙනු ඇත.එලෙස උල්ලංඝණය කරමින් ආසන ලබාගැනීමට ප්‍රවේශයක් ගෙන ඇත්නම් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් හැර පතක් නිකුත් කරන අතර එම සංචරණ නියෝජිතයාට ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම නිසා ඇතිවන ප්‍රතිවිපාකයන් යටතේ පෙන්වා ඇති පරිදි දඩයක්ද නියම කෙරෙනු ඇත.කිසියම් ගමානාරම්භක සහ ගමනාන්තයක් අතර ආසන වෙන්කිරීමකදී එම වෙන්කිරීම් වෙන් වෙන් චාරිකා කොටස් ලෙස ලබාගැනීමද ඈඳුණු චාරිකා කොටස් අවභාවිතයක් ලෙස සලකනු ලබයි.
  • පුහුණුව/පරීක්ෂාවන් සඳහා ආසන වෙන්කිරීම්
    1.1 පුද්ගලයන් පුහුණු කිරීමකදී හෝ පරීක්ෂාවන් කරන අවස්ථාවන්හිදී සෑමවිමට පුහුණුවන මාදිලිය හෝ GDS මගින් සපයන අය කළ නොහැකි තත්ව කේතයන් (status codes ) සහිත චාරිකා කොටස් භාවිතා කළ යුතුය.පුහුණුවීමේ අරමුණ සඳහා විකිණුමට ඇති සක්‍රීය චාරිකා තත්ව කේතයන් (status codes ) භාවිතය තහනම්ය.

    1.2

    ගුවන් ගමන් චාරිකාවක් සඳහා මිල නියම කිරීමට පුහුණු මාදිලිය තුළ සිදුකළ ආසන වෙන්කිරීමක් භාවිතා කළ නොහැකිය.සියලුම් මිල නියම කිරීම් අවශ්‍යතාවයන් සඳහා මිල නියම කිරීමේ ගනුදෙනු ලබාගැනීමට හැකි අතර මෙම ගනුදෙනු භාවිතයට යොදගැනීම සඳහා අවැසි පුහුණුව කාර්ය මණ්ඩලයට ලබාදීමේ වගකීමද නියෝජිත ආයතනය සතුවනු ඇත.
  • B. ප්‍රතිපත්ති උල්ලංඝණය කිරී‍ම නිසා ඇතිවන ප්‍රතිවිපාකයන්

    හානි වන්දි - අදාළ සංචරණ සේවා සපයන්නා විසින් මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීම නිසා ඇතිවන ඕනෑම ආකාරයක පාඩු සහ හානියන් සඳහා වන වගකීම සහ නෛතික බැඳීම එම සංචරණ සේවා සපයන්නාට පැවැරීමේ හිමිකම ශ්‍රිලංකන් එයාර්ලයින්ස් සතුය.
    ප්‍රතිපත්ති උල්ලංඝණය සඳහා අදාළවන මිල සූත්‍රය

    ප්‍රතිපත්තිය

    ගාස්තු (ඇ.එ.ජ ඩොලර්වලින්)

    වලංගු නොවන පන්තියක සේවාව එදිරිව ගාස්තු රීති

    අදාළ ගාස්තු වෙනස

    අවලංගු නොකළ අක්‍රීය චාරිකා කොටස්

    චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5

    ආසන වෙන්කිරීම් ව්‍යාකූල කිරීමේ ඒකායන සහ පැහැදිලි අරමුණින් කටයුතු කිරීම

    චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5

    ආසන වෙන්කිරීම් කිහිපයක්,, එක් ආසන වෙන්කිරීමක චාරිකා කොටස් /විකල්ප චාරිකා කොටස් එක් කිරීම

    චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5

    කල්පිත/අනුමාන ආසන වෙන්කිරීම් සහ ප්‍රවේශ පත්‍ර අංකයන් එක්කිරීම

    චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5

    වලංගු නොවන ගුවන් ප්‍රවේශපත් අංකය

    ආසන වෙන්කිරීමක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 30

    පුහුණුවන සහ පරීක්ෂා සඳහා ආසන වෙන්කිරීම්

    චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5

    ගුවන් ප්‍රවේශ නිකුත් කළ සැණින් බල රහිත කිරීම: බල රහිත කරන අවස්ථාවේදී ගුවන් ගමනේ චාරිකා කොටස් අවලංගු නොකිරීම

    චාරිකා කොටසක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 5

    ප්‍රවේශය නැතිවීම/අහිමිකිරීම – මෙම ප්‍රතිපත්තිය සමග අනුගත නොවන ඕනෑම සංචරණ සේවා සපයන්නෙකුට ශ්‍රිලංකන් එයාර්ලයින්සහි ආසන වෙන්කිරීම් පද්ධතියට පිවිසෙමින් එය දර්ශනය කිරීම,වෙන්කිරීම් හෝ ගුවන් ප්‍රවේශ පත් නිකුත් කිරීම අවහිර කිරීමේ අයිතිය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සතුය.
    මෙම ප්‍රතිපත්තිය සමග අනුගත නොවන බවට හඳුනාගත් සංචරණ සේවා සපයන්නන්ගේ ගුවන් ප්‍රවේශ පත් නිකුත් නොකරන ලද ඕනෑම ආසන වෙන්කිරීමක් අවලංගු කිරීමේ හිමිකමද තවදුරටත් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සතුවෙනු ඇත.
    අලෙවි තාක්ෂණ සහ විකුණුම් ක්‍රමෝපායන් කළමනාකරණ කණ්ඩායම
    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම
    විද්‍යුත් ලිපිනය: dsystems@srilankan.com
    නිකුත් ක‍ළේ 2012 මැයි මස 11 වන දිනයේදීය.

    Channel Management Team
    SriLankan Airlines Limited Email: dsystems@srilankan.com
    Revised Policy: Effective 01 July 2023


    Last updated date – 19th June 2023


    Close

    flysmiles


    More about FlySmiles