විශේෂ අවශ්‍යතා සහය සඳහා සම්බන්ධ විය යුත්තේ කෙසේද?

ඔබගේ ඉල්ලීම් අන්තර්ජාලය ඔස්සේ යොමුකරන්න
විශේෂ අවශ්‍යතා සහය සඳහා ඉල්ලීම

For Passengers with Special Medical Requirements
Medical clearance form

අපව අමතන්න
දුරකතනය : +94117771979
දුරකතනය - (ගාස්තු ගෙවීමකින් තොර) : 1-800-497-4270
ෆැක්ස් : +94197333999
විද්‍යුත් ලිපිනය : reservations@srilankan.com

විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ගුවන් මගීන්

ගුවන් ගමනක් යෑමට පෙර පහත සඳහන් පුද්ගලයින් විසින් වෛද්‍ය අනුමැතියක් ලබාගත යුතුය.
  • ස්පර්ශයෙන් බෝවෙන සහ‍ පැතිරිය හැකි හැකි රෝගයන් වැලඳී ඇති අය
  • අනෙකුත් මගීන්ගේ හෝ/සහ ගුවන් යානා මැදිරි කාර්ය මණ්ඩලයේ සුවපහසුව සහ සුබසිද්ධියට හෝ ගුවන් ගමනේ කාලානුගතිකත්වයට හෝ නිරුපද්‍රිත බවට දැඩි ලෙස බලපාන බවට සලකන රෝගයක් හෝ ශාරීරික තත්වයන් මත අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කරන මගීන්
  • ගුවන් ගමනේදී තම සෞඛ්‍යය තත්වය පවත්වාගැනීම සඳහා වෛද්‍ය උපස්ථානය සහ විශේෂ මෙවලම් අවශ්‍ය මගීන්
  • රෝගී තත්වය මත ජීවිත අවදානමක් ඇති සහ අති විශේෂ වෛද්‍ය අවධානයක් නොමැතිව නිරුපද්‍රිතව ගුවන් ගමන සම්පූර්ණ කළ නොහැකි බවට සලකන මගීන්
  • ආසන සෘජුව තබා ගන්නා අවස්ථාවලදී සාමාන්‍ය ගුවන් යානා අසුන් භාවිතා කළ නොහැකි මගීන්
ඔබ ඉහත සඳහන් රෝගී තත්වයක් සිටින විට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග ගුවන් ගමනක යෙදීමට අවශ්‍ය නම් ඒ සඳහා වෛද්‍ය අනුමැතියක් අවශ්‍ය වෙයි.රෝගී තත්වයන් සඳහන් වෛද්‍ය ආකෘතිපත්‍රයක් (MEDIF ) ඔබගේ වෛද්‍යවරයා විසින් සම්පූර්ණ කළ යුතු අතර එය ළඟම ඇති ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කාර්යාලයට ගුවන් ගමන යාමට පැය 48 ක පෙර බාරදිය යුතුය. වෛද්‍ය ආකෘතිපත්‍රයක් (MEDIF ) ලබාගැනිම සඳහා කරුණාකර ඔබගේ සංචරණ නියෝජිතයා හෝ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කාර්යාලය අමතන්න.

ගුවන් තොටුපළේදී රෝද පුටු ලබාදීම

ගුවන් තොටුපළේදී ඔබට රෝද පුටුවක අවශ්‍යතාවය ඇත්නම් කරුණාකර ඒ බව ඔබගේ ආසනය වෙන්කරන අවස්ථාවේදී දන්වා සිටින්න.එවිට එම අවශ්‍යතාවය ගුවන් තොටුපළේදී සැපයීමට අප සියලු උත්සාහයන් දරන්නෙමු.

පෙර දැනුම්දීමකින් තොරව ගුවන් තොටුපළේදී රෝද පුටුවල සහය අවැසි බව දැන්වුවිට එම සහය අපට ලබාදීමට හැකිවන්නේ රු.2000/- ක ගාස්තුවක් අය කිරීමෙන් වන අතර මෙම පහසුකම ඇමරිකා එක්සත් ජනපද ගුවන් තොටපුළවල සිට ආරම්භ කරන හෝ අවසන් කරන එක් ගුවන් ගමන් අංකයක් ඇති ගුවන් ගමන්වලදී හෝ එකම ගුවන් යානයේ දිගටම ගුවන් ගමනේ යෙදී සිටින අවස්ථාවලදී ලබාගත නොහැක.


සංචරණයේදී ඔබගේ සංචලතා මෙවලම් භාවිතය

සංචලතා මෙවලම් දෙකක් ගාස්තුවකින් තොරව රැගෙන යා හැකි අතර සාමාන්‍ය ගමන් මලු දීමනාවට එය ඇතුළත් නොවේ.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද ගුවත් තොටපුළවල සිට ආරම්භ කරන හෝ අවසන් කරන එක් ගුවන් ගමන් අංකයක් ඇති ගුවන් ගමන්වලදී හෝ එකම ගුවන් යානයක දිගටම ගුවන් ගමනක යෙදෙන විට මෙවන් සහය ලබාදෙන හෝ සංචලතා මෙවලම් ගුවන් යානය තුළ‍ හෝ පිරික්සුම් ගමන් මලුවල ගාස්තුවක් නොගෙවා රැගෙන යා හැක්කේ ආරක්ෂක,නිරුපද්‍රිතතා සහ අනතුරුදායක ද්‍රව්‍යයන් සඳහා අදාළ රටවල් මගින් පනවා ඇති අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් ප්‍රවාහනය කරන විට පමණි.

ඔබ සතුව ඇත්තේ බැටරි මගින් ක්‍රියාත්මක වන රෝද පුටුවක් නම් ඔබ ගුවන් ගමන යෑමට පෙර නියමිත ආරක්ෂක පියවරයන් ගත යුතුය.කරුණාකර ඒ පිළිබඳ වැඩිදුර විස්තර ආසන වෙන්කරන අවස්ථාවේදී විමසන්න.


සහයකයෙක් විසින් සහය ලබාදීම

ඔබට පියාසැ‍රියේදී තම අවශ්‍යතාවයන් නිසි අයුරින් කරගැනීමට අපොහොසත් නම් ඔබට සහය ලබාදිය හැකි සහයකයෙක් සමග ගුවන් ගමන යන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. නිද : ගුවන් යානාව තුළ ඔබව රෝද පුටුවට ඔසවා තැබීම හැකි සෑම විටකදීම ඔබට සහය වීම අප ඉතා සතුටින් සිදු කරන අතර ගුවන් යානය තුළ සහය ලබාදීම සඳහා බැඳී සිටීම භාරගැනීමට අපට හැකියාවක් නොමැත්තේ එමගින් ස්වස්ථතාව ,නිරුපද්‍රිතබව සහ සනීපාරක්ෂක නියාමයන් උල්ලංඝණය කිරීමක් වන බැවිනි.

ඇමරිකා එක්සත් ජනපද ගුවන් තොටපුළවල සිට ආරම්භ කරන හෝ අවසන් කරන එක් ගුවන් ගමන් අංකයක් ඇති ගුවන් ගමන්වලදී හෝ එකම ගුවන් යානයේ දිගටම ගුවන් ගමනේ යෙදී සිටින අවස්ථාවලදී ගුවන් මගීන්, සහයකයෙක් හෝ මිතුරෙකු සමග ගමන් කළ යුත්තේ ඔවුන් :

(1) ගිලන් මැස්සේ හෝ ඉන්කියුබේටර්යක ප්‍රවාහනය කරයි නම්.
(2) මානසික ආබාධිකත්වය නිසා නිරුපද්‍රිතතා උපදෙස්, හෝ රජයන් විසින පනවා ඇති නිරුපද්‍රිතා නියාමයනයන්ට තේරුම් ගැනීමට හෝ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම
(3) ඌන සංචලතාවය නිසා හදිසි අවස්ථාවකදී ආධාරයක් නොමැතිව ගුවන් යානයෙන් ඉවතට යෑමට ඔවුන්ට ඇති නොහැකියාව
(4) ශ්‍රවණ සහ දෘශ්‍ය ආබාධිත තත්වයන් නිසා ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය විසින් සන්නිවේදනය කරන නිරුපද්‍රිතතා කෙටි උපදෙස් හෝ රජයන් විසින් පනවා ඇති නිරුපද්‍රිතතා නියාමනයන් හෝ හදිසි අවස්ථාවකදී ආධාරයක් නොමැතිව ගුවන් යානයෙන් ඉවතට යෑමට ඔවුන්ට ඇති නොහැකියාව ඇති අවස්ථාවන්හිදීය.

විශේෂ සහය අවැසි ගුවන් මගීන්

ගුවන් යානය තුළදී අප සෑමවිටම අපගේ ගුවන් මගීන්ට අවැසි විශේෂ සහය ලබා දෙන්නෙමු.අපගේ පුළුල් බඳ සහිත ගුවන් යානාවල මගීන්ට පිවිසුම් වීමට ඇති මාර්ගයේ රැගෙන යා හැකි ‍රෝද පුටු ඇත.නිරුපද්‍රිතතා නියාමනයන් පෙන්වා දෙන්නේ සංචලතාව අඩු ගුවන් මගීන් හදිසි පිටවීම් දොරටුව අසල හෝ හදිසි පිටවීම් මාර්ගයන්හි කොටසක් වන පිවිසුම් වීමට ඇති හරස් මාර්ගයන්හි ඇති අසුන්වල වාඩී නොකළ යුතු බවත් ගුවන් යානා මැදිරි කාර්ය මණ්ඩලයට හදිසි අවස්ථාවකදී ඔවුන්ට සහය ලබාදීමට හඳුනාගැනීම පහසු කරවීම සඳහා පෙර වෙන්කර ඇති ආසනවල වාඩි කළ යුතු බවය.ගුවන් යානයේ වැසිකිළි සහය ලබාදෙන මෙවලම් වලින් සමන්විත වෙයි.

විශේෂ අවශ්‍යතාවයන් ඇති ගුවන් මගීන් (දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත)

ඔබ ගුවන් යානයට ‍පිවිසෙනවිට සහ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන විට ඔබව පිළිගනිමින් සහය ලබාදෙන සේවාවන් හෝ ඔබව කැඳවාගෙන යාමට අවැසි නම් කරුණාකර ඒ බව ඔබගේ ආසනය වෙන්කරන අවස්ථාවේදී ආසන වෙන්කරන සංචරණ නියෝජිතයාට දන්වා සිටින්න.

මඟ පෙන්වන පුහුණුව ලත් සුනඛයන් සමග ගුවන් ගමනේ යෙදීම

මඟ පෙන්වීමට/සහය වීමට පුහුණුව ලබා ඇති සුනඛයෙක් ආධාරයෙන් තම කටයුතු කරගැනීමට සිදුව ඇති දෘශ්‍යාබාධිත/ ශ්‍රවණාබාධිත ගුවන් මගියෙකුගේ සුනඛයෙක් ගාස්තු අයකිරීමකින් තොරව ප්‍රවාහනය කිරීම සඳහා පිළිගැනෙනු ලැබේ. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් පහත දැක්වෙන රීතීන් නියාමනයන්ට යටත්ව දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත ගුවන් මගීන්ට මඟ පෙන්වන සුනඛයන් ගුවනින් ප්‍රවාහනය සඳහා බාරගනු ලබයි.
  • එවන් ගුවන් මගියෙකුගේ ඇස් පෙනීම ‍හෝ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇත්නම් සහ ඔහු/ඇයට හුදෙක්ම සුනඛයා‍ගේ සහයෙන් තොරව ගුවන් ගමනේ යා නොහැකි නම් පමණක් ගුවන් මගියාට සුනඛයා කැටුව යාමට හැකිය.
  • ‍ගුවන් තොටුපළට ළඟා‍වී‍මේදී පිළිගනිමින් සහය වීම
  • වෙනත් කොන්දේසි ගැන සම්පූර්ණ විස්තර දැනගැනීම සඳහා කරුණාකර ඔබ‍ගේ ප්‍රදේශයේ ඇති ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කාර්යාලය අමතන්න.


ගර්භණී අවස්ථාවේදී ගුවන් ගමන් යාම

ගර්භණී මාතාවන් ගුවන් ගමනක යෙදෙන විට තම ශාරීරික සුවතාවය සහ දරුවා බිහිකරන දිනය තහවුරු කරමින් වෛද්‍යවරයෙක් විසින් ගුවන් ගමන යෑමට දින 03 කට පෙර නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් රැගෙන යා යුතුය.

Special assistance for codeshare partners

For flights to and from the U.S., operated by codeshare partners, CRO assistance will be provided by our codeshare partners and directions on how to contact the CRO may be found on the codeshare partner’s website.

Certain special services may not be available for codeshare flights operated by partner airlines. Please contact the SriLankan Airlines 24-hour Contact Centre for further information.


Complaint Resolution for Customers with Special Need

For passengers travelling in to and out of United States of America, consumers can obtain a copy of Part 382, the regulations regarding nondiscrimination on the basis of disability in air travel, in an accessible format from the Department of Transportation by any of the following means:

  • For calls made from within the United States, by telephone via the Toll-Free Hotline for Air Travelers with Disabilities
    (Voice) 1-800-778-4838
    (TTY) 1-800-455-9880
  • By telephone to the Aviation Consumer Protection Division
    (Voice) 202-366-2220
    (TTY) 202-366-0511
  • By mail to the Air Consumer Protection Division
    C-75,
    U.S. Department of Transportation,
    1200 New Jersey Ave., SE., West Building
    Room W96-432
    Washington, DC 20590
  • On the Aviation Consumer Protection Division's Web site (http://airconsumer.ost.dot.gov).

For flights to and from the U.S, operated by codeshare partners, Complaints Resolution Official assistance will be provided by our codeshare partners and directions on how to contact the Complaints Resolution Official may be found on the codeshare partner’s website


Last updated date – 29th March 2023


Close

flysmiles


More about FlySmiles