අත දරුවෙක් හෝ බාල වයස්කාර දරුවෙක් සමග ඔබ ගුවන් ගමනක යෙදෙන්නේද?

ඔබට අපහසුතාවයකින් තොර ගුවන් ගමනක් ලබාදීමට අප සෑම උත්සාහයක්ම ගනු ඇත. අප සතුව ගුවන් යානය තුළ අත දරුවන් ආවරණය කිරීමට අවැසි රෙදිපිළි (diapers) ,ළදරු ආහාර සහ ආවරණය සහිත කුඩා තොටිලි ( bassinets ) ඇත. අත දරුවාගේ රෙදිපිළි මාරු කිරීමට අවැසි වේ නම් තෝරාගත් වැසිකිළිවල රෙදිපිළි(diapers) මාරු කිරීම සඳහා අවැසි පහසුකම් සපයා ඇත. ඔබගේ දරවාට නිරුපද්‍රිත බවින් යුත් සහ විනෝදජනක ගුවන් ගමනක් ලබාදීමට සෑම උත්සායහක්ම ශ්‍රීලංකන් විසින් ගනු ඇත.ගුවන් යානා මැදිරිවලදී ඔබගේ ළමයින්ට රැකවරණය ලබාදීම සඳහා ළමා රැකවරණය පිළිබඳව මනා පුහුණුවක් ඇති සහ කැපවීම පෙන්වන උපස්ථායිකාවන් පත්කර ඇත. ගුවන් යානය තුළදී ඔබට කිසිම පැකිළීමකින් තොරව ඇයගේ සහය ඉල්ලා සිටිය හැකිය.

ඔබගේ දරුවා ගුවන් ගමනක යෙදෙන්නේ තනිවමද ?

තනිවම ගුවන් ගමනක යෙදෙන විට දරුවෙකු හට එම ගුවන් ගමන මඳක තැතිගැන්වෙන සුළු විය හැකිය.

එසේ භාරකරුවෙකු නොමැතිව ගමන් කරන දරුවෙක් වෙනුවෙන් ශ්‍රීලංකන්හි අපි සුවිසෙස් අවධානයක් යොමු කරන්නෙමු.ගුවන් යානයේදී අපගේ රැකවරණයට එක්වුන අවස්ථාවේ සිට ඔවුන් සිය ආදරණීයන් වෙත නැවතත් භාර දෙන තුරු ඔවුන්ව රැකබලාගැනීම, සුවපහසුව සැපයීම සහතික කිරීම අපගේ ඒකායන අරමුණ වෙයි.

ඔවුන් අපගේ රැකවරණයේ සිටින කාලය පුරාවටම ඔවුන් කෙරෙහි පූර්ණ අවධානය ලබා දෙන බවට අපි සහතික කරන්නෙමු.ගුවන් යානය තුළ ඇති සෙල්ලම් බඩු සහ විවිධ ක්‍රියාකාරකම් සමගින් දරුවන් ප්‍රමෝදයට පත් වන බැවින් ඔවුන් එහි ඉතා විනෝදජනක කාලයක් ගත කරනු ඇත.තවද ඔහු/ඇයට වෙනුවෙන්ම ඇති ළමා විනෝදජනක වැඩසටහන්,රසවත් ආහාරපානාදියද ඔවුන්ව ගුවන් ගමන තුළදී සතුටින් තැබීමට සමත් වනු ඇත.

ගුවන් යානය ගමනාන්තයට ළඟා වු විට ඔබගේ දරුවා අපගේ ගුවන් තොටුපළ මෙහෙයුම් සිදුකරන කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වෙත රැකවරණය සඳහා බාර දෙන අතර අවසානයේදී දරුවා තම ආදරණීයන් වෙත පැමිණීම් පර්යන්තයේදී භාර දෙන තෙක් ආගමන,ගුවන් මලු ලබාගැනීම් සහ රේගු යන අංශයන් ඔස්සේ රැගෙන ඒමේ කර්තව්‍යයද ඔහු/ඇය විසින් ඉටුකරනු ඇත.

කිසිදු අවහිරතාවයක් නොමැති ගුවන් ගමනක් සහතික කිරීම සඳහා දරුවා සතුව ගුවන් ගමන් බලපත්‍රය,වීසා පහසුකම් ,ස්වස්ථතා සහතික පත් සහ වෙනත් ලිපි ලේඛන ඇතුළත් සියලුම නෛතික සංචරණ ලිපි ලේඛන ඇති බව සහතික කිරීම ඔබේ වගකීම වනු ඇත.


Last updated date – 30th August 2019


Close

flysmiles


More about FlySmiles