ශ්‍රීලංකන් ව්‍යාපාරික පන්තිය


සම්ප්‍රදායානූකූල ආගන්තුක සත්කාරයේ උණුසුම විඳගනිමින් නවීනතම පහසුකම්වලින් සහ සුවපහසුවෙන් යුත් ගුවන් ගමන් අත්දැකීමක් විඳගැනීමට ඔබ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ව්‍යාපාරික පන්තියේ පියාසර කළ යුතුව ඇත.

Female in business class wearing headphones looking at the screen in front of her with an open-mouthed smile

සුපිරි ගණයේ විනෝදාත්මක වින්දනයක් *

සියලු නවීනාංගයන්ගෙන් සමන්විත Thales AVANT ගුවන් යානා මැදිරි විනෝදාත්මක වැඩසටහන්වල වාණිජමය අතින් අතිශය සාර්ථකත්වයට පත් හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපටයන් ,සම්භාව්‍ය ගණයේ සහ ප්‍රියතම චිත්‍රපටයන්ද ඇත.එමෙන්ම අඟල් 15.4 ක තිර මත විහිදෙන තෙලදසුන් ( TV) වැඩසටහන් ඇති නාලිකාවන් 50 ක් සහ චිත්‍රපට 120 කට වැඩි ප්‍රමාණයක්ද සුසංහිත ශ්‍රව්‍ය තැටි ගබඩාවක්, ගුවන් විදුලි නාලිකාවන් සහ සියලුම් වයස් කාණ්ඩවල අයට රසවිඳිය හැකි ක්‍රීඩාවන් ද ඇත.

A sweeping view of the SriLankan Business class seats

නිදන ඇඳක් මෙන් සකස්කර ගැනීමට හැකි ආසනයක්*

අපගේ නවීන A330-300 ගුවන් යානාවල ඇති නවතම Zodiac Z300 ආසනයන්හි පහසුව අත්විඳින්න. දණහිස් පහසුවෙන් තබාගෙන යාම සඳහා වැඩි ඉඩකඩක් මෙන්ම ඉඩ ප්‍රමාණයද වැඩිකර ඇති නිදන ඇඳක් මෙන් සකස්කිරීමට හැකි ආසනයන් සුඛෝපභෝගීත්වයේ ඉහළම වින්දනය යැයි පැවසිය හැකිය.ගුවන් ගමන පුරාවටම සැප නින්දක යෙදී ගමනාන්තයට නැවුම් බවකින් යුතුව ළඟාවිය හැකිය.අනිකුත් ගුවන් මගීන්ගෙන් ඔබගේ පුද්ගලිකත්වයට බාධාවක් නොවීම සහතික වීම පිණිස වැඩිදියුණු කළ ආසන විභාජකයන්ද ඇත.

An air hostess serving a meal to a passenger

ගුවන් ගැබේදී රස නහර පිනවන ආහාර

අඩි 37,000 ක ඉහළ ගුවන් ගැබේදී සදා අමතක නොවන ඉවුම් පිහුම්වල රසවත් බවින් කුල්මත් වන්න.ඔබගේ ආහාර රුචිය වැඩිකිරීම සඳහා වෙසෙස් සැලකිල්ලක් දක්වමින් පිළියෙල කරන ලද සුවසම්පන්න ආහාර පාන පෙළගැස්මේ ඇති ප්‍රණීත ආහාරපානයන් සමගින් ලබාදෙන අපගේ ඉස්තරම්ම වයින් පානයන් රසවිඳින්න.

A couple being welcomed at the SriLankan Business Class Lounge by SriLankan staff with a traditional “Ayubowan

ගුවන් තොටුපළේ විවේකාගාර පහසුකම

අපගේ ව්‍යාපාරික පන්තියේ අසිරිමත්බව ආරම්භ වන්නේ ගුවන් ‍තොටුපළේදීය.එහිදී පිරික්සුම් කටයුතු සඳහා ප්‍රමුඛතාවයක් මෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සෙරන්ඩ්බ් විවේකාගාරය වෙත නොමිලේ ප්‍රවේශ විමට ඔබට හැකි වන අතර ගුවන් ගමන පුරාවටම ගෙදර වගේ යන හැඟීම ඔබට දැනෙනු ඇත.

The amenity kit including Crabtree & Evelyn products, cosmetics, dental set and ear plugs

පුද්ගලික සනීපාරක්ෂාව සඳහා අවැසි මෙවලම් කට්ටලය

තෝරාගත් ගුවන් යානාවන්හි ව්‍යාපාරික පන්තියේ ගමන් කරන ගුවන් මගීන්ට එක් රාත්‍රියක් සඳහා භාවිතා කළ හැකි සනීපාරක්ෂක මෙවලම් කට්ටලයක් ලබා දෙනු ඇත. මෙම මෙවලම් කට්ටලයට ඇතුළත් වන්නේ Crabtree and Evelyn නිෂ්පාදිතවල සුවඳ විලවුන්,දත් බුරුසු සහ දන්තාලේපයන් සහ කන් පේනුවන්ය.

Sweeping view of the SriLankan Business Class lounge Serendib overlooking the apron

විවේකාගාරයන්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පළමු මහළේ පවත්වාගෙන යන ගුවන් යානා නැවතුම් ප්‍රදේශය නැරඹිය හැකි සෙරන්ඩිබ් විවේකාගාරය යනු ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි වඩාත් සැලකීමට ලක්වෙන ගෞරවණීය පාරිභෝගිකයන් සඳහා ඇති විවේකාගාරයයි. සෙරන්ඩිබ් විවේකාගාරය දර්ශනීය පෙනුමකින් මෙන්ම නිසංසල බවින් යුත් සෙරන්ඩිබ් විවේකාගාරය නවීන ව්‍යාපාරික ගුවන් මගීන්ගේ ආහාර රුචියන්ට අනුව ආහාර සපයන අතර 80 දෙනෙකුට වාඩි වී සිටීමට ආසන පහසුකම්ද 20 දෙනෙකුට ආහාර රස විඳිමේ ධාරිතාවයකින්ද යුක්තය.

Click here for Lounge Policy


* අපගේ දිග දුර මෙහෙයුම් පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාවල ඇති නව ව්‍යාපාරික පන්තියේ සුවපහසුකම ඔබට අත්විඳීමට හැකි අතර එම පහසුකම යානා ඇණියේ අනිකුත් ගුවන් යානාවලින්ද ඔබට ප්‍රථම වරට අත්විඳගැනීමේ කටයුතුද සිදුවෙමින් පවතියි. ඔබගේ ගුවන් ගමන සඳහා නවීන පන්නයේ ව්‍යාපාරික පන්තියේ පහසුකම ඇති බව දැනගැනීම සඳහා කරුණාකර ළඟම ඇති ගුවන් ප්‍රවේශ පත් කාර්යාලය අමතන්න.

Close

flysmiles


More about FlySmiles