ගමන් මලු සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු

ඔබගේ ගමන් මලු අසුරා සකස්කිරීමට පෙර මෙය කියවන්න

ඔබගේ පුද්ගලික බඩුබාහිරාදිය ඔබගේ අභිමතය පරිදි නියමිත ගමනාන්තය කරා නිරුපද්‍රිතව රැගෙන යාම අප සතු වගකීමක් වන අතර එය අප ඉටුකරන්නේ ඉමහත් සතුටකිනි.ඔබගේ ගමන්මලු නිරුපද්‍රිතව ප්‍රවාහනය කිරීම සහතික කිරීම සඳහා කරුණාකර ගමන් මලු ගැන විස්තර සඳහන්වන යොමුවේ ඇති තොරතුරු කියවන්න. ඔබගේ ගමන් මලු දීමනාව සම්බන්ධයෙන් මෙන්ම ගුවන් සේවය ගමන්මලු සඳහා පනවා ඇති රීතින් ගැනද අවබෝධයක් ඇතිකර ගත්විට ඔබට සැහැල්ලු මනසකින් යුතුව ඔබගේ ගමන් මලු අසුරා සකස්කරන්නට හැකිවනු ඇත.

ගුවන් ගමන අතරතුරදී ගුවන් යානය නවතා තබන ගුවන් තොටුපළකදී යානයෙන් බැහැරව යන විට ඔබගේ වටිනා භාණ්ඩයන් සියල්ලම රැගෙන යන්න.එමෙන්ම ගමනාන්තයේදී ගුවන් යානයෙන් පිටව යන විට ඉහළ පිහිටි ‍රාක්කයේ ඇති ගමන් මල්ල ඇතුළු ඔබගේ බඩුබාහිරාදිය සියල්ල ඇති බව සහතික කරගන්න.


වට්ටමක් සහිතව පෙර මිලදී ගත් ගමන් මලු දීමනාව

කාලය,මුදල් ඉතිරිකරගැනීම සහ ගුවන් තොටුපළේදී ඇතිවන අවහිරතාවයන් මඟහරවා ගැනීම සඳහා පෙර ගෙවීමක් කළ විට අමතර ගමන් මලු දීමනාවට වට්ටමක් ලබාගැනීමට හැකිය.
වැඩිදුර විස්තර සඳහා දුරකතන අංක 1979 හෝ + 94 777 77 1979 මගින් ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.එසේත් නැතිනම් අපගේ ගුවන් ප්‍ර‍වේශ පත් කාර්යාලය හෝ ඔබගේ සංචරණ නියෝජිතයා අමතන්න.
අතිරික්ත ගමන් මලු දීමනාව ලබාගැනීමට ගෙවීමක් කළ විට (පූර්ණ හෝ කොටසක් භාවිතා කළවිට ) එය නැවත ලබාගැනීමට නොහැක.කොන්දේසි සහ නියමයන් අදාළය.
ගුවන් තොටුප‍ළේදී අතිරික්ත ගමන් මලු සඳහා කිලෝග්‍රෑම් ඒකකයන්ට අදාළව අය කරන ගාස්තුව දැනගැනීම සඳහා අතිරික්ත ගමන් මලු ගාස්තු යොමුවට පිවිසෙන්න.

බර අනුව නොමිලේ ලබා දෙන ගමන් මලු දීමනාව

උතුරු/මධ්‍යම සහ දකුණු ඇමරිකානු ගමනාන්තයන් වෙත ගමන් නොකරන ගුවන් මගීන්ගේ ගමන් මලු සඳහා පමණක් වලංගු වෙයි.

ගමන් මැදිරිය උපරිම බර පරිමාණය
ව්‍යාපාරික පන්තිය කිලෝග්‍රෑම් 40 සෙමී 158/ අඟල් 62
පිරිමැසුම්දායී පන්තිය කිලෝග්‍රෑම් 30 සෙමී 158/ අඟල් 62
ළදරුවා-සියලුම පන්තිවල කිලෝග්‍රෑම් 10 සෙමී 115/ අඟල් 45

පරිමාණය = දිග + පළල + උස
සටහන : විශේෂිත කාලසීමාවන්,ගමන් මාර්ග සහ ගාස්තු වලට අනුකූලව මෙම සිමාවන් වෙනස් විය හැකිය.

අතිරේක ගමන් මලු සංඛ්‍යාව අනුව ගාස්තු

උතුරු/මධ්‍යම සහ දකුණු ඇමරිකානු ගමනාන්තයන් වෙත ගමන් කරන ගුවන් මගීන්ගේ ගමන් මලු සඳහා පමණක් වලංගු වෙයි.

ගමන් මැදිරිය පරිමාණය ගමන් මලු සංඛ්‍යාව එක් ගමන් මල්ලක් සඳහා උපරිම බර
ව්‍යාපාරික පන්තිය සෙමී 158/ අඟල් 62 2 එක් ගමන් මල්ලක් කිලෝග්‍රෑම් 32
පිරිමැසුම්දායී පන්තිය සෙමී 158/ අඟල් 62 2 එක් ගමන් මල්ලක් කිලෝග්‍රෑම් 23
ළදරුවා-සියලුම පන්තිවල සෙමී 158/ අඟල් 62 1 කිලෝග්‍රෑම් 23

Important

If your journey involves multiple airline partners, please note that baggage allowance may vary from the information provided above.

Please contact your travel agent or our ticketing/reservation agent for further advice on your baggage allowance.



Last updated date – 09th March 2023


Close

flysmiles


More about FlySmiles