ගුවන් ගමනට පෙර

ගුවන් ගමනකට පෙර අවධානයට යොමු විය යුතු කරුණු

වෛද්‍යවරයා හමුවන්න
දිගු ගුවන් ගුවන් ගමනක යෙදීමේදී සෞඛ්‍යය තත්වය පිළිබඳව සැලකිලිමත් වීමට අවශ්‍ය නම් හෝ ස්වසන පද්ධතියේ මෙන්ම හෘදයාබාධයන්ගෙන් පෙලෙන්නේ නම් ගුවන් ගමනට පෙර ඔබගේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනිම වැදගත් වනු ඇත.ඔබගේ ගමනාන්තයන් ගැන සහ චාරිකාවන් ගැන අවධානය යොමු කරන්න.ඔබට එන්නත් හෝ විශේෂ ඹෟෂධ අවශ්‍යදැයි වෛද්‍යවරයාගෙන් විමසන්න.ඉහළ ගුවන් ගැබේදී හෝ කාර්මීකරණය වූ නගරයන්හිදී ඇදුම රෝගය උත්සන්න විය හැකි බව සලකන්න. උදාහරණයක් ලෙස මෙක්සිකෝ නගරයේ අඩි 9000 ක් ඉහළින් සිටින අවස්ථාවක්
ඹෟෂධ වට්ටෝරුවක් අවශ්‍ය නොවන ඹෟෂධ ලබාගැනීමට හැකිවුවත් අප සෑමවිටම නිර්දේශ කරන්නේ ඔබට යෝග්‍ය වන ඹෟෂධ නියම කරගැනීම සඳහා ඔබගේ වෛද්‍යවරයා හමුවන ලෙසය.

ප්‍රමාණයට වඩා ආහාර අනුභවයෙන් වළකින්න
දිගු ගුවන් ගමනකදී ශරීර ක්‍රියාකාරිත්වයන් සාමාන්‍ය තත්වයන්ට වඩා අවම මට්ටමක පවතියි.එබැවින් ඔබගේ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයද පහත වැටෙන බැවින් විශාල ප්‍රමාණයක ආහාර ජීරණය කිරීමට ඇති හැකියාව අවම වෙයි.එබැවින් ගුවන් ගමනට පෙර සරල ආහාරයක් ගැනීම නුවණට හුරුය.

ගුවන් තොටුපළට වේලාසනින් පැමිණෙන්න
පරීක්ෂා කිරීම් මෙන්ම සාප්පු සවාරිවලින් පසු ගුවන් යානයට පිවිසෙන දොරටුව අසලට ළඟාවීම සඳහා කල්වේලා ඇතිව ගුවන් තොටුපළට පැමිණෙන්න.කලබල වීමෙන් ඔබව මානසික මෙන්ම ශාරීරිකවද පීඩාවට පත්කෙරෙනු ඇත.ගුවන් තොටුපළේදී හැකි සෑමවිටම සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ ගන්න.ඔබ ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමනක යෙදෙන විට කල්වේලා ඇතිව පැමිණ විවේකාගාර පහසුකම් අත්විඳින්න

සංචරණයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන යන්න
ගුවන් තොටුපළේ සිට ගුවන් යානය දක්වා බරින් වැඩි ගමන් මලු රැගෙන යාමෙන් වළකින්න.එසේවුවහොත් ඔබගේ ‍ශරීරයට දැඩි අපහසුතාවයක් ගෙන එනු ඇත.ඔබගේ ගුවන් ගමනේදී අවැසි වන අත්‍යවශ්‍ය භාණ්ඩයන් පමණක් රැගෙන යන්න.

දුම්පානය ප්‍රතිපත්තිය
ඉලෙක්ට්‍රොනික දුම් පානය සපුරා තහනම් කර ඇත.

ස්පර්ශ කාචයන් (contact lenses) වෙනුවට කණ්ණාඩි පළඳින්න
ගුවන් යානාවේ මගී මැදිරිය තුළ ඇති වායුව ඔබට සාමාන්‍යයෙන් හුරුපුරුදු තත්වයන්ට වඩා වියළි ස්වභාවයක් ගෙන එන බැවින් ස්පර්ශ කාච මගින් ඔබගේ ඇස්වලට කැවෙන ස්වභාවයක් දැනීමට ඉඩ ඇත.එබැවින් ගුවන් ගමනේදී කණ්ණාඩි පළඳින්න.එමගින් ගමනාන්ත කරා ළඟාවන විට ඔබගේ දෙනුවන්වලට නැවුම් ගතියක් සහ වෙහෙස අඩුබවක් දැනෙනු ඇත. ගුවන් තොටුපළට ළඟාවීමෙන් ඔබට නැවතත් ස්පර්ශ කාචයන් පැළඳීය හැකිය.

බාල වයස්කාර දරුවන්ට
ගුවන් යානා මැදිරිය තුළදී උපස්ථාය‍ක‍වරයෙක් විමසීමෙන් ළදරු ආහාර මෙන්ම විශේෂ තොටිල්ලක් ලබාගත හැක.ගුවන් ගමනේදී ක්‍රියාකාරකම්වල නිරත වීම සඳහා ක්‍රීඩාවන් සුදානම් කර ඇත.

ඔබගේ නිරෝගී බව රැකගැනීමට සහයවීම
ඔබගේ නිරෝගී බව රැකගැනීමට අවැසි ඔසු උපස්ථායකවරුන්ගෙන් ලබාගත හැකිය.

ඌන සංචලතාවක් (ඇවිදීම අපහසු) ඇති ගුවන් මගීන්ට සහයවීම
ගුවන් තොටුපළේදී ඔබට රෝද පුටුවක අවශ්‍යතාවය ඇත්නම් කරුණාකර ඒ බව ඔබගේ ආසනය වෙන්කරන අවස්ථාවේදී දන්වා සිටින්න.එවිට එම අවශ්‍යතාවය ගුවන් තොටුපළේදී සැපයීමට අප සියලු උත්සාහයන් දරන්නෙමු.

දාශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත ගුවන් මගීන්ට සහයවීම
ඔබට ගුවන් යානයට ‍පිවිසෙනවිට සහ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන විට ඔබව පිළිගනිමින් සහය ලබාදෙන සේවාවන් අවැසි නම් හෝ ඔබව කැඳවාගෙන යාමට අවැසි නම් කරුණාකර ඒ බව ඔබගේ ආසනය වෙන්කරන අවස්ථාවේදී ආසන වෙන්කරන සංචරණ නියෝජිතයාට දන්වා සිටින්න.

නිරුපද්‍රිතබව පළමුව
ගුවන් යානය ඉන්ධන පිරවුම සඳහා ගොඩබිම ඇති අවස්ථාවලදීත් ,දොරටු වසා ඇති විටත් පියාසැරියේ යෙදී සිටින විටදීත් ජංගම දුරකතන භාවිතයෙන් වැලකී සිටින්න.

ගර්භණී මාතාවන්ට ගුවන් ගමනක යෙදීමට සපුරාලීමට ඇති අවශ්‍යතාවයන්
ගුවන් ගමනක් යෑමට ඇති යෝග්‍යතාවය සහ දරුවා ලැබීමට ඇති දිනය සඳහන් කරමින් නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පිටත්වීමට දින 03 කට පෙර නිකුත් කරන ලද ‍වෛද්‍ය සහතිකයක් ගුවන් ගමනක යෙදෙන විට ගර්භණී මාතාවන් විසින් රැගෙන යා යුතුය.

වැඩි විස්තර සඳහා විශේෂ සහය පිටුවට යොමුවන්න

Close

flysmiles


More about FlySmiles