කෙසේ වෙතත් මෙම පහසුකම ජංගම දුරකථන සඳහා තවමත් ලබාදී නොමැති බව කාරුණිකව සළකන්න.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා bookings@srilankan.com, වෙත පිවිස හෝ අපගේ ගෝලීය දුරකථන සම්බන්ධතා වන ශ්‍රී ලංකාවේ 1979 හෝ ජාත්‍යන්තරව + 094 777 77 1979 දුරකථන අංක හා සම්බන්ධ විය හැක. නැතහොත් අපගේ ගුවන් ප්‍රවේශපත් කාර්යාල හෝ ඔබගේ සංචාරක නියෝජිත හමුවී තොරතුරු ලබාගත හැක.

පෙර ගෙවුම් අමතර ගමන් මලු ගාස්තු

ඔබගේ ගමනාන්තයට අදාල වන ගමන් මලු ගාස්තු “Manage my booking’ හරහා ඔබේ ගුවන් ප්‍රවේශ පත දැනටමත් මිළඳී ගෙන ඇත්නම් පරීක්ෂා කළ හැක.

 

Pre-paid excess baggage rates and policy

කොන්දේසි

  • www.srilankan.com හරහා මාර්ගගතව මිළඳී ගන්නා අමතර ගමන් මලු දීමනා සඳහා පමණක් මෙම ගාස්තු වලංගු වේ. ගමන් මලු බර සඳහා වන ප්‍රතිපත්ති පද්ධතියට අනුකූල විය යුතුය.
  • ගුවන් ගමන සිදුකිරීමට පැය 3ට ප්‍රථමයෙන් පෙර ගෙවුම් ගමන් මලු මිළඳී ගැනීම සිදුකළ හැක.
  • ළඳරු ගුවන් ප්‍රවේශ පත් සඳහා පෙර ගෙවුම් ගමන් මලු ගාස්තු වලංගු නොවේ.
  • පෙර ගෙවුම් ගමන් මලු සඳහා වෙනසක් සිදුකිරීමට ඇත්නම් ගුවන් ගමන පිටත් වීමට පැය 24ට පෙර පමණක් නොමිළේ සිදුකළ හැකිය.
  • අදාළ ගුවන් මගියා සහ එකම ගුවන් ගමන් අංශය සඳහා පමණක් දිනය සහ ගුවන් ගමන වෙනස්කිරීම් සිදුකළ හැක. පෙර ගෙවුම් ගමන් මලු සඳහා ගුවන් මගියා හෝ අදාළ ගුවන් මාර්ගය වෙනස් කරන්නේ නම් දිනය සහ ගුවන් ගමන් වෙනස් කිරීමේ පහසුකම නොමිළේ සිදුකිරීමට සුදුසුකම් හිමි නොවේ.
  • පෙර ගෙවුම් ගමන් මලු සඳහා ආපසු ගෙවීමේ ගාස්තුව ඇමරිකානු ඩොලර් 100ක් වේ.
  • සියලු ආපසු ගෙවීම් ගුවන් ගමන සිදුකිරීමට පැය 24ට පෙර සිදුකළ යුතුයි. ගුවන් ගමන සිදුකිරීමට පැය 24ක් අතුළත ඔබගේ පෙර ගෙවුම් ගමන් මලු සඳහා ආපසු ගෙවීම් සිදුකරනු නොලැබේ.
  • අදාළ බදු ගාස්තු වෙන් වෙන්ව එකතු වේ.
  • පෙර දැනුම් දීමකින් තොරව මෙම ගාස්තු වෙනස් විය හැක.

Last updated date – 07th Septemper 2022


Close

flysmiles


More about FlySmiles