මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියේ අරමුණ
මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියේ අරමුණ වන්නේ මෙම වෙබ් අඩවිය භාවිත කිරීම, ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය භාවිත කිරීම, ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සහ ඔබ ගුවන් ගමන් වෙන්කරවා ගැනීමක් සිදු කරන විට හෝ සංශෝධනය කරන විට මෙම වෙබ් අඩවිය හරහා ඔබට සැපයිය හැකි ඕනෑම දත්තයක් ඇතුළුව, අපගේ Frequent Flyer වැඩසටහනට සම්බන්ධ වීම, සහ oneworld Alliance හි ඕනෑම සාමාජිකයෙකුගේ Frequent Flyer වැඩසටහනට සහභාගී වීම, අපෙන් යම් නිවාඩු පැකේජයක් මිලදී ගැනීම, අපෙන් වෙනත් අගය එකතු කළ සේවාවන් ලබා ගැනීම, යම් සමීක්ෂණයකට සහභාගී වීම, නැතහොත් අපගේ පුවත් පත්‍රිකාවට ලියාපදිංචි වීම හරහා අපි ඔබගේ පුද්ගලික දත්ත රැස් කරන සහ සකසන ආකාරය පිළිබඳ තොරතුරු ඔබට ලබා දීමයි.
මෙම වෙබ් අඩවිය ළමුන් ගේ භාවිතය සඳහා නොවන අතර දෙමාපියන් හෝ භාරකරුවන් විසින් සපයනු ලැබුවහොත් මිස දැනුවත්ව අපි දරුවන් සම්බන්ධ දත්ත රැස් නොකරන්නෙමු.
නිශ්චිත අවස්ථාවන්හිදී ඔබ ගැන පුද්ගලික දත්ත රැස් කරන විට හෝ සකසන විට අප විසින් සපයනු ලබන වෙනත් පෞද්ගලිකත්ව නිවේදනයක් හෝ සාධාරණ සැකසුම් දැන්වීමක් සමඟ ඔබ මෙම පෞද්ගලිකත්ව ප්රතිපත්තිය කියවා බැලීම වැදගත් වේ, එවිට අපි ඔබේ දත්ත භාවිත කරන්නේ කෙසේද සහ ඇයි යන්න පිළිබඳව ඔබ සම්පූර්ණයෙන්ම දැනුවත් වේ. මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය අනෙකුත් දැනුම්දීම්වලට අතිරේක වන අතර මෙමඟින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට අදහස් නොකෙරේ.
දත්ත පාලකය
ශ්‍රීලංකන් සමාගම යනු අපගේ මඟීන්, සේවකයින් සහ තෙවන පාර්ශවීය පුද්ගල සම්බන්ධතා මෙන්ම අපගේම වාණිජ අරමුණු සඳහා අපගේ ව්‍යාපාරයේ භාවිත කරන වෙනත් පුද්ගලික දත්ත සම්බන්ධ සියලුම පුද්ගලික දත්තවල දත්ත පාලකයායි. මෙයින් අදහස් කරන්නේ පුද්ගලික දත්ත සැකසීමට කවදාද, ඇයි සහ කෙසේද යන්න තීරණය කිරීමේ වගකීම සහ අදාළ දත්ත ආරක්ෂණ නීතියට අනුකූලව භාවිතයන් සහ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමේ වගකීම ශ්‍රීලංකන් සමාගම සතු බවයි.
ශ්‍රීලංකන් යනු සීමාසහිත ශ්‍රීලංකන් කේටරින් ඇතුළුව ශ්‍රීලංකන් ගුවන් සමූහයේ කොටසක් වන අතර, ඒවා ශ්‍රීලංකන් සමාගම හා එක්ව ගත් කළ සමූහයක් ලෙස හඳුන්වනු ලැබේ
පොදු දත්ත ආරක්ෂණ රෙගුලාසි ("GDPR") සඳහා ශ්‍රීලංකන් විසින් එක්සත් රාජධානියේ තොරතුරු කොමසාරිස් කාර්යාලය (ICO) එහි අධීක්ෂණ අධිකාරිය ලෙස පත් කර ඇත. ලන්ඩනයේ අපගේ කාර්යාලය GDPR හි අරමුණු සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයා වන අතර එය 7 වන මහල, වන් ලැම්ප්ටන් පාර, හවුන්ස්ලෝ මිඩ්ල්සෙක්ස් TW3 1JB එක්සත් රාජධානිය යන ලිපිනයෙහි පිහිටා ඇත.
මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය සමූහය වෙනුවෙන් නිකුත් කරනු ලබන බැවින් මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියේ “ශ්‍රීලංකන්”, “අපි”, “අප” හෝ “අපගේ” යනුවෙන් සඳහන් කරන විට, අපි ඔබේ දත්ත සැකසීම සඳහා වගකිව යුතු සමූහයට අදාළ සමාගම සඳහන් කරන්නෙමු. ඔබ අප සමඟ සේවාවක් මිලදී ගන්නා විට ඔබේ දත්ත පාලකයා වන්නේ කුමන ආයතනයදැයි අපි ඔබට දන්වන්නෙමු. ශ්‍රී ලංකන් සමාගම මෙම වෙබ් අඩවියේ පාලකයා වන අතර එහි වගකීම ද දරයි.
දත්ත ආරක්ෂණ නිලධාරි
ශ්‍රීලංකන් විසින් මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියට අදාළ ප්‍රශ්න අධීක්‍ෂණය කිරීම සඳහා වගකිව යුතු දත්ත ආරක්ෂණ නිලධාරියකු (DPO) පත් කර ඇත. ඔබට මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය හා ඔබේ නෛතික අයිතීන් ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීම් පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර පහත දක්වා ඇති විස්තර භාවිත කර DPO අමතන්න:
සම්බන්ධතා තොරතුරු
- නීත්‍යානුකූල ආයතනයේ සම්පූර්ණ නම: සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සේවය
- DPO ගේ නම හෝ තනතුර: දත්ත ආරක්ෂණ නිලධාරියා
- විද්‍යුත් තැපැල් ලිපිනය: privacy.office@srilankan.com
- තැපැල් ලිපිනය: “ගුවන් සේවා මධ්‍යස්ථානය”, බණ්ඩාරනායක ජාත්‍යන්තර මධ්‍යස්ථානය, කටුනායක 11450, ශ්‍රී ලංකාව.
- දුරකථන අංකය: (0094) 19733 4488
- ෆැක්ස් අංකය: (0094) 19733 5588
වෙනස්කම් ගැන අපව දැනුවත් කිරීම ඔබේ යුතුකමයි
ඔබ ගැන අප සතුව ඇති පුද්ගලික දත්ත නිවැරදි සහ වලංගු වීම වැදගත් වේ. ඔබ අප සමඟ ඇති සම්බන්ධය අතරතුරේදී ඔබේ පුද්ගලික දත්ත වෙනස් වුවහොත් අපව දැනුවත් කිරීම ඔබේ වගකීමකි.
තෙවන පාර්ශවීය සබැඳි
මෙම වෙබ් අඩවියට ශ්‍රීලංකන් විසින් නඩත්තු නොකරන හෝ පාලනය නොකරන තෙවන පාර්ශවීය වෙබ් අඩවි, පේනු මෘදුකාංග සහ යෙදුම් වෙත සබැඳි ඇතුළත් විය හැක. එම සබැඳි මත ක්ලික් කිරීමෙන් හෝ එම සම්බන්ධතා සක්‍රීය කිරීමෙන් තෙවන පාර්ශවයන්ට ඔබේ දත්ත රැස් කිරීමට හෝ බෙදා ගැනීමට ඉඩ සැලසේ. අපි මෙම තෙවන පාර්ශ්වීය වෙබ් අඩවි පාලනය නොකරන අතර ඒවායේ පෞද්ගලිකත්ව ප්‍රකාශ සඳහා වගකිව යුතු නොවේ. ඔබ මෙම වෙබ් අඩවියෙන් ඉවත් වූ විට, ඔබ පිවිසෙන සෑම වෙබ් අඩවියකම පෞද්ගලිකත්ව ප්රතිපත්තිය කියවා බලන මෙන් අපි ඔබව දිරිමත් කරමු.