ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමනක් යෑමට ඔබ සිහින මවනවාද?

ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමනක් යෑමට ඔබ සිහින මවනවාද?

භාවිතයේ නියමයන් සහ කොන්දේසි

නිර්ණායකයන්

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් යන්නෙන් අදහස් කරන්නේ සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ,එහි අවසර ලත් උරුමක්කාරයන් සහ අනුප්‍රාප්තිකයන්ය.

“ගුවන් මගියා”, “ඔබ ” හෝ “ඔබගේ” යනුවෙන් අදහස් කරන්නේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් මෙහෙයුම් සිදුකරන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් ගමනක් සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත් පුද්ගලයෙකි.

“උත්ශ්‍රේණි වීම ” යන්නෙන් අදහස් කරන්නේ ගුවන් ගමනකට නිකුත් කළ ගුවන් ප්‍රවේශ පත්‍රයක් පිරිමැසුම්දායී පන්තියේ සිට ව්‍යාපාරික පන්තියට වෙත වෙනස් කිරීමකි.

“උත්ශ්‍රේණි වීම් පිරිනැමීම ” යනුවෙන් අදහස් කරන්නේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් පිරිමැසුම්දායී පන්තියේ සිට ව්‍යාපාරික පන්තියට උත්ශ්‍රේණි වීමට පිරිනමන ලද මිලයි.

  1. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් ගමනක් සඳහා මිලදී ගත් පිරිමැසුම්දායී පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ව්‍යාපාරික පන්තිය වෙත උත්ශ්‍රේණි වීම සඳහා ඉදිරිපත් කරන පිරිනැමීමට පහත දැක්වෙන නියමයන් සහ කොන්දේසි අදාළ වනු ඇත.
  2. උත්ශ්‍රේණි වීම යනු ගුවන් මගියා විසින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙතින් මිලදී ගත් ගුවන් ප්‍රවේශ පත්‍රයක් UL කේතය දරන, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් මෙහෙයුම් සිදුකරන ගුවන් ගමන් සඳහා පිරිමැසුම්දායි පන්තියේ සිට ව්‍යාපාරික පන්තියට පැවරීම (මින් පසු “ගුවන් ප්‍රවේශ පත්‍රය”) සඳහා මුදල් ගෙවා කරන වෙනසකි.
  3. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙත උත්ශ්‍රේණි වීම් පිරිනැමීමක් ගුවන් මගීන්ට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතිවීමට නම් ඔවුන් පළමුව ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙතින් පිරිමැසුම්දායී ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතුය.(ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් ප්‍රවේශ පත්‍රයක අංකය ආරම්භ වන්නේ 603 xxxx යනාදී ලෙසය.වෙනත් ගුවන් සේවා ප්‍රවේශ පත්‍රයන්වල ලංසු/ උත්ශ්‍රේණි පිරිනැමීම් පද්ධතිය විසින් පිළිගනු ලැබිය හැකිය.කෙසේවෙතත්,එවන් ලංසු සැකසීමට ලක් නොවනු ඇත.‍ෆ්ලයිස්මයිල්ස් සැතපුම් භාවිතා කරමින් මිලදී ගත් ගුවන් ප්‍රවේශ පත්‍රයන් උත්ශ්‍රේණි වීම් පිරිනැමීම/ලංසු සඳහා සුදුසුකම් නොලබයි)
  4. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග සෘජුවම හෝ වෙනත් මාර්ගයන් ඔස්සේ වක්‍රාකාරව ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග කරන ලද ආසන වෙන්කිරීමකට අදාළව ඔබ විසින් උත්ශ්‍රේණි වීම් පිරිනැමීමක් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙත යොමු කළ විට , උත්ශ්‍රේණි වීම් පිරිනැමීමේ සඳහන් පුද්ගලයා හෝ පුද්ගලයන් මෙම නියමයන් සහ කොන්දේසිවලට යටත්ව උත්ශ්‍රේණි කිරීමක් සඳහා සලකා බැලෙනු ඇත.
  5. ගුවන් ප්‍රවේශ පත්‍රය මිලදී ගත් පසු උත්ශ්‍රේණි වීමට ඉල්ලා සිටීමේ විකල්පය ගුවන් මගියාට ඇත.මිලදී ගත් ගුවන් ගමන් කොටස උත්ශ්‍රේණි වීම් පිරිනැමීමකට සුදුසුකම් ලබයි නම් අදාළ “උත්ශ්‍රේණි වීම්” සබැඳියාව ක්ලික් කර ගුවන් මගීන්ට ගුවන් ගමන පිටත්වීමට පැය 36 වන තෙක් ඔවුන්ගේ පිරිනැමීම යොමු කළ හැකිය.සෑම චාරිකා කොටසක් සඳහාම උත්ශ්‍රේණි පිරිනැමීම සිදුකළ යුතුය.
  6. එවිට ගුවන් මගියාගෙන් උත්ශ්‍රේණි වීම සඳහා පිරිනමන මුදල සහ ගෙවීම් තොරතුරු සම්පූර්ණ කිරීමට ඉල්ලා සිටිනු ඇත.ගුවන් මගියා විසින් තොරතුරු සම්පූර්ණ කිරීමෙන් සහ තොරතුරු තහවුරු කිරීමෙන් පසු,ගුවන් මගියාගේ උත්ශ්‍රේණි වීම් පිරිනැමීම ලියාපදිංචි කරනු ඇත.
  7. ගුවන් මගීන්ට මිලදී ගත් ගුවන් ප්‍රවේශ පත්‍රයට අනුරූපව ගුවන් ගමනක් සඳහා එක් උත්ශ්‍රේණි වීම් පිරිනැමීමක් පමණක් යොමු කල හැකි වෙයි. ඒ සෑම පිරිනැමීමක්ම කිරීම සහ ගෙවීම් සඳහා ණයවර කාඩ්පතක් භාවිතා කළ යුතු අතර උත්ශ්‍රේණි පිරිනැමීම සිදුකරන අවස්ථාවේදී ගුවන් මගියා විසින් එම කාඩ්පත නම් කළ යුතුය.
  8. ඔබගේ උත්ශ්‍රේණි වීම් පිරිනැමීම , පිළිගැනීම හෝ නොපිළිගැනීම එහි තනි අභිමතය පරිදි තීරණ‍ය කිරීමේ අයිතිය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සතුවනු ඇත. කිසියම් ගුවන් මගියෙක් උත්ශ්‍රේණි වීම් පිරිනමන ලද සේවා පන්තියේ ආසන ලබාගැනීමට ඇති හැකියාව හෝ නොහැකියාව නොසලකා හරිමින් උත්ශ්‍රේණි කිරීම සඳහා කිසිම ආකාරයක නියෝජනයක් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් ලබා නොදෙනු ඇත.
  9. ඔබගේ උත්ශ්‍රේණි වීම් පිරිනැමීම ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් පිළිගන්නා ලද අවස්ථාවක ,එම පිළිගැනීමත් සමගම එසැනින්ම ඔබ විසින් නම් කරන ලද ණයවර කාඩ්පතෙන් එම සම්පූර්ණ මුදල අයකර ගනු ලබන අතර ඔබගේ මුල් ආසන වෙන්කිරීමේ ඇතුළත් සෑම ගුවන් මගියෙක්ගේම උත්ශ්‍රේණි කිරීම සඳහා නව ගුවන් ප්‍රවේශ පත්‍ර ශ්‍රීලංකන් විසින් නිකුත් කරනු ඇත.උත්ශ්‍රේණි කිරීම සඳහා අදාළ වන සියලුම පෙර ගෙවුම් බදු සහ සේවා ගාස්තුද (ඇත්නම් පමණක්) ඒවා අය කරනු ලබන මුළු මුදලට ඇතුළත් කරනු ඇත.
  10. ඔබගේ උත්ශ්‍රේණි කිරීම් පිරිනැමීම ,පිළිගැනීම විද්‍යුත් පණිවුඩයක් මගින් ඔබට දැනුම්දෙනු ලබන්නේ ඔබගේ ගුවන් ගමන පිටත්වීමට පෙර පැය 24 - 35 ත් අතර කාලය තුළදීය.
  11. ඔබ විසින් කෙරෙන පැහැර හැරීමකදී හැර වෙනත් ඕනෑම හේතුවක් සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඔබව වෙනත් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් යානයකින් ප්‍රවාහනය කිරීමට කටයුතු සලස්වන අවස්ථාවකදී ,මුල් ආසන වෙන්කිරීමට අදාළව ඔබ විසින් කිසියම් උත්ශ්‍රේණි වීම් පිරිනැමීමක් කර ඇත්නම්, උත්ශ්‍රේණි වීම් මැදිරියේ ආසන ලබාගැනීමට ඇති හැකියාවට යටත්ව එය නව ගුවන් ගමනට (ගමන්වලට) පැවරෙනු ඇත.
  12. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් ඔබගේ උත්ශ්‍රේණි වීම් පිරිනැමීම පිළිගත් පසු සහ ඔබ විසින් නම් කරන ලද ණයවර කාඩ්පතින් මුදල් අය කරගෙන ඇතිවිට පහත දැක්වෙන කොන්දේසිවලට යටත්ව හැර කිසිම ආකාරයක ආපසු මුදල් ගෙවීමක් ,බැර කිරීමක් හෝ හුවමාරු කිරීමක් නොකෙරනු ඇත.
    1. ඔබගේ උත්ශ්‍රේණි කිරීම් පිරිනැමීම ගුවන් ගමන සඳහා පිළිගැනීමෙන් පසු එම උත්ශ්‍රේණි කිරීම අවලංගු කර සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඔබව වෙනත් ගුවන් යානයකින් මුල් ආසන වෙන්කිරීමේ සේවා ලබාදෙන පන්තියේ ප්‍රවාහනය කිරීමට සලසා ඇත්නම් එම උත්ශ්‍රේණි වීම සඳහා ගෙවන ලද මුදල, උත්ශ්‍රේණිවීම සඳහා ගෙවීම කරන ලද ඔබ විසින් නම් කරන ලද ණයවර කාඩ්පතට ආපසු ගෙවනු ලබන අතර තවදුරටත් ඒ පිළිබඳව ඔබට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වග නොකියනු ඇත.
    2. ඔබගේ උත්ශ්‍රේණි වීම් පිරිනැමීම පිළිගත් පසු සහ ඔබට උත්ශ්‍රේණි වීම ලබාදුන් පසු , ඔබ ඔබගේ කැමත්තට අනුව ගුවන් ගමන් වෙනස් කිරීම හෝ ගුවන් ගමනට නොපැමිණීමද ඇතුළත්, නමුත් ඒවාට පමණක් සීමා නොවන ඔබගේ ක්‍රියාවන් හෝ ප්‍රමාදයන්ට අදාළ වන හේතුන් බැහැර කිරීමෙන් පසු, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්ට අදාළ වන හේතූන් ඇතුළත් , නමුත් ඒවාට පමණක් සීමා නොවන, ගුවන් යානා මාදිලියේ වෙනසක්,සම්බන්ධක ගුවන් යානයේ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙසින් ඔබ උත්ශ්‍රේණි ගත කරන ලද සම්බන්ධතා ගුවන් ගමන නොලැබී යාම මත ඔබව උත්ශ්‍රේණි ගත කළ මැදිරියේ සේවා ලබාගැනීම සඳහා අසුන් ගැනීමට නොහැකි වීම

      ඉහත සඳහන් පරිවේෂණයන්ට අදාළව කිසියම් ආකා‍රයක ආපසු මුදල් ලබාදීමක් අනුමත කළේ නම් එම ගෙවීම සකස් කරනු ඇත්තේ උත්ශ්‍රේණි කිරීම‍ට අය කරන ලද ව්‍යවහාර මුදලිනි.එවන් ආපසු මුදල් ලබාදීමක් උත්ශ්‍රේණි කිරීම සඳහා අය කරන ලද මුදලට පමණක් සීමා වන අතර එහිදී අදාළ බැංකු ගාස්තු ආපසු ගෙවීමක් සිදු නොවනු ඇත.
  13. ඔබ විසින් මිලදී ගත් මුල් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය සඳහා වන ගාස්තු කොන්දේසි ඇතුළත්,නමුත් ඒවාට පමණක් සීමා නොවන ,අවලංගු කිරීමේ ප්‍රතිපත්තීන්,සේවා ගාස්තු වෙනස් වීම් ,ගමන් මලු දීමනා ,නිරන්තර පියාසර සැතපුම් එක්කිරීමට අදාළ වන රීතීන් නොවෙනස්ව පවතින අතර ඔබගේ උත්ශ්‍රේණි වීම් පිරිනැමීම පිළිගැනීමෙන් පසු සහ ඔබව උත්ශ්‍රේණි ගත කිරීමෙන් පසුවද ඒවා බලසහිතව අදාළ වනු ඇත.
  14. උත්ශ්‍රේණි වීම් පිරිනැමීම නිසා කෙරෙන ඕනෑම උත්ශ්‍රේණි කිරීමකට නොමිලේ ලබාදෙන රියැදුරු සමග ප්‍රවාහන සේවය (ලිමොසින් සේවය) අදාළ නොවනු ඇත.
  15. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් උත්ශ්‍රේණි වීම් පිරිනැමීම පිළිගත් පසු ගුවන් මගියා විසින් ගුවන් ප්‍රවේශ පත්‍රයට වෙනස් කිරීම් කරන විට ,එම උත්ශ්‍රේණි කිරීම වෙනත් ගුවන් ගමනකට පැවරීමට හෝ උ‍ත්ශ්‍රේණි කිරීමේදී අයකරගත් මුදල් ආපසු ලබාගැනීමට ගුවන් මගියාට හිමිකමක් නොමැත.
  16. පෙර දැනුම්දීමකින් තොරව එක් වරකදී හෝ එයට වඩා වැඩි වාර ගණනකදී මෙම නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමේ ,විවර්තනය කිරීමේ ,සංශෝධනය කිරීම සහ අවලංගු කිරීමේ අයිතිය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සතුවනු ඇත.
උත්ශ්‍රේණි කිරීම් පිරිනැමීමක් සිදුකරන විට ඉහත දක්වන ලද නියමයන් සහ කොන්දේසි ඔබ කියවා අවබෝධ කරගත් බවටත් සහ ඔබ මෙම නියමයන් සහ කොන්දේසි පිළිගත් බවටත් ඔබ ප්‍රකාශිතව පිළිගෙන ඇත.

Close

flysmiles


More about FlySmiles